අපද්‍රව්‍ය කළමනාකරණය / Waste Management

වර්ග කි.මි.12.8 ක වපසරියකින් යුතු හික්කඩුව නගර සභා බල ප්‍රදේශය තුළ ලෝක ප්‍රකට හික්කඩුව සමුද්ර අභය භුමිය සහ හික්කඩුව සංචාරක පුරවරය පිහිටා ඇත. හික්කඩුව නගර සභා බල ප්‍රදේශය හික්කඩුව සහ දොඩන්දූව වශයෙන් කලාප දෙකකට බෙදා , දිනපතා ඝන අපද්‍රව්ය එකතු කරනු ලබයි . දිනපතා ට්‍රැක්ටර් රථ 3ද ,කම්පැක්ටර් රථ 01ක් සහ ටිපර් රථ 01ක් කසල එකතු කිරීමට යොදවා ඇත . දිනපතා එකතු කරන කසල රත්ගම මොන්රෝවියාවත්ත කසල ව්‍යාපෘතියට භාර දෙනු ලබයි . ඒ සදහා ව්‍යාපෘතියට එක් කසල ට්‍රැක්ටරයක් සදහා රු. 1500 ක මුදලක් ගෙවිය යුතුය. එසේ වුවද ව්‍යාපෘතිය කසල ලබා ගැනීම විටින් විට ප්‍රතික්ෂේප කරනු ලබන අතර එවිට හික්කඩුව නගර සභාව දැඩි අපහසුතාවයට පත්වෙි. මෙම තත්ත්වයට විසදුමක් ලෙස හික්කඩුව නගර සභාව මිහින්තලය ප්‍රාදේශිය සභාවෙන් කසල කැබැලි කිරිමට මැෂිමක් මිල දි ගත් අතර එය 2021.04.07 දින ස්ථාපිත කිරීමට නියමිතය .ඒ මගින් එකතු කරන කසල ප්‍රමාණය අඩකින් අඩු කර ගැනීමට හැකි වෙි. ඊට අමතරව හික්කඩුව නගර සභාව ජිව වායු ඒකයක්ද, පොලිතින් සහ ප්ලාස්ටික් කැට නිපදවීම ට ද ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට පරිසර නිර්දේශ ලබා ගත් අතර ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ද ලබා ගන්නා ලදි. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් සුපිරිසිදු බල ප්‍රදේශයක් පවත්වාගෙන යාමට හික්කඩුව නගර සභාව අපේක්ෂා කරයි.