වරිපනම් බදු ගෙවා ඔබේ ප්‍රදේශයේ සංවර්ධනයට දායක වන්න. නීතිගරුක පුරවැසියෙකු වීම ඔබ සතු වගකීමකි!
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන (මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා) මගින් තම බල ප්‍රදේශය තුළ සපයනු ලබන මහජන සේවාවන් සහ සංවර්ධන කටයුතු සඳහා යොදාගන්නා ප්‍රධානතම ආදායම් මාර්ගය වරිපනම් බද්ද (Assessment Tax) වේ.
1. ඔබ ගෙවන බදු මුදලෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ තමන් බදු ගෙවිය යුත්තේ ඇයිද යන්නයි. ඔබ ගෙවන බදු මුදල නැවතත් ඔබ වෙතම සේවාවන් ලෙස ගලා එන්නේ මෙලෙසිනි,
• පිරිසිදු පරිසරය: විධිමත් ලෙස කසළ කළමනාකරණය කිරීම.
• මහජන සෞඛ්‍ය: කාණු පද්ධති නඩත්තුව, මදුරු මර්දනය සහ බෝවන රෝග පාලනය.
• රාත්‍රි ආලෝකය: මඟ දෙපස විදුලි ආලෝකය නඩත්තු කිරීම.
• පොදු පහසුකම්: පුස්තකාල, ක්‍රීඩාංගණ, පොදු වෙළඳපොළ සහ උද්‍යාන සංවර්ධනය.
• ප්‍රාදේශීය සංවර්ධනය: අතුරු මාර්ග නඩත්තුව සහ අනෙකුත් පොදු සේවා.
2. බදු පැහැර හැරීම නිසා ඇතිවිය හැකි බරපතල නීතිමය ගැටලු
වරිපනම් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව ආයතනයේ ලේකම්වරයාට සහ ආදායම් පරීක්ෂකවරුන්ට දැඩි නීතිමය පියවර ගැනීමට බලය ඇත.
3. චංචල දේපළ තහනම් කිරීම (Seizure of Property)
බදු පැහැර හරින්නෙකුට එරෙහිව වරෙන්තු