හික්කඩුව මහජන පුස්තකාලයේ සහ මහජන ක්‍රීඩාංගනයේ ආරක්ෂාව සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධති.

හික්කඩුව මහජන පුස්තකාලයේ සහ හික්කඩුව මහජන ක්‍රීඩාංගනය ආරක්ෂාව සඳහා CCTV ආරක්ෂක කැමරාපද්ධති ස්ථාපනය කිරීම පසුගිය දිනවල සිදුකරන ලදී.

මෙමඟින් පුස්තකාල පරිශ්‍රයේ සහ මහජන ක්‍රීඩාංගනයේ ආරක්ෂාව වැඩි කිරීමට අමතරව අවට පරිසරයේ (විශේෂයෙන්ම හික්කඩුව සතිපොළ භූමිය සහ ක්‍රීඩාංගනය අතර මාර්ගය දෙපස) අවිධිමත් ලෙස කසල බැහැර කරන්නන් සොයා ඔවුන්ට නීතිමය පියවර ගැනීමට මෙම කැමරා පද්ධතිය භාවිතා කිරීමට බලාපොරොත්තුවේ.