හික්කඩුවේ සිට නාරිගම දක්වා ප්‍රධාන මාර්ගයේ විදුලිකණු සඳහා අධි බලැති ආලෝක පහන් සවිකිරීම.

හික්කඩුව සංචාරක කලාපය වැඩි ආලෝකයක් සහිතව පවත්වා ගැනීම සඳහා දකුණු පළාත් විදුලි බල අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රතිපාදනයක් මත ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුවේ සිට නාරිගම දක්වා ප්‍රධාන මංසන්දි වල අධි බලැති ආලෝකයක් සහිත Cobra Lamp හැට හතක් (67)යෙදීම (රුපියල් ලක්ෂ දහයක් වටිනා) පසුගිය දිනවල හික්කඩුව නගර සභාවේ විදුලි අංශයේ සේවකයන් විසින් සිදුකරන ලදි.