හික්කඩුව ගොඩබැද්දර ප්‍රදේශයේ අවහිර වූ කාණු පද්ධති සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කිරීම.

නාගරික මන්ත්‍රී නිමල් වඩුගේ මහතාගේ ඉල්ලීමකට අනුව හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතාගේ උපදෙස් පරිදි මාර්ග අංශයේ සේවකයන් විසින් ගොඩබැද්ද ප්‍රදේශයේ අවහිර වූ කාණු පද්ධති පිළිසකර කිරීම සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කර මාර්ග දෙපස පිරිසිදු කිරීම 2026.02.23 වන දින සිදුකරන ලදී.