හික්කඩුව දොඩන්දූව කොට්ඨාශයේ අවහිරවූ කාණු පද්ධති පිළිසකර කිරීම සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කර මාර්ග දෙපස පිරිසිදු කිරීම් කටයුතු ඉටු කිරීම.
නාගරික මන්ත්‍රී නිමල් වඩුගේ මහතාගේ ඉල්ලීමකට අනුව හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතාගේ උපදෙස් පරිදි මාර්ග අංශයේ සේවකයන් විසින් පසු ගිය දිනක දොඩන්දූව කොට්ඨාසයේ අවහිර වූ කාණු පද්ධති පිළිසකර කිරීම සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කර මාර්ග දෙපස පිරිසිදු කිරීම පසුගිය දිනවල සිදුකරන ලදී.
හික්කඩුව නගරය කසල වලින් තොර නිකසල පුරවරයක් බිහි කිරීම අපගේ අරමුණයි.
ඒ වෙනුවෙන් අප අවට පරිසරය පිරිසිදුව තබා ගනිමු. ඒ සදහා අප සියලු දෙනාම නගරවාසීන් ලෙස ඇප කැප වෙමු.