හික්කඩුව නගර සභාවේ නව ලේකම්තුමා අභිනවයෙන් සිය රාජකාරී භාර ගන්නා ලදී.

හික්කඩුව නගර සභාවේ පුරප්පාඩුව පැවති ලේකම් තනතුර සඳහා අභිනවයෙන් පත් වූ අකිල සමීර ප්‍රනාන්දු මහතා අද දින (2026.03.10 ) සුභ මොහොතින් සිය ලේකම් ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ද, රුහුණු විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබා ගෙන ඇත. 2013 වසරේ රාජ්‍ය සේවයට පිවිසි ඔහු 2018 වසරේ සිට පරිපාලන නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලබයි. ඔහු රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු දරන ලද දක්ෂ හා පළපුරුදු නිලධාරියෙකි.

එම අවස්ථාව සඳහා ගරුතර සංඝරත්නය ,හික්කඩුව නගර සභාවේ සභාපතිතුමන් , උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ හික්කඩුව නගර සභාවේ කාර්ය මණ්ඩලය , වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ උප සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.