හික්කඩුව නගර සභාවට අදාළ දොඩන්දූව සහ මෝදර පටුවත ප්‍ර දේශ වල අවහිර වූ කාණු පද්ධති සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කරන ලදී.

හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතාගේ උපදෙස් මත මාර්ග අංශයේ සේවකයන් විසින් දොඩන්දූව ප්‍ර දේශයේ සහ මෝදර පටුවත ප්‍ර දේශයේ අවහිර වූ කාණු පද්ධති පිළිසකර කිරීම සහ අනතුරුදායක ගස් අතු කපා ඉවත් කර මාර්ග දෙපස පිරිසිදු කිරීම පසුගිය දිනවල සිදුකරන ලදී.