හික්කඩුව නගර සභාවේ සභාපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ විධිමත්ව කසල බැහැර කිරීමේ දීර්ඝ කාලීන විසදුමක් ලෙස බේල් යන්ත්‍රයක් ස්ථානය කිරීම.
හික්කඩුව නගර සභා බල ප්‍රදේශය තුල කසල විධිමත් බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිව දීර්ඝ කාලයක සිට ගොඩගැසී තිබුණු නොදිරන කසළ තොග සභාපති නිතිඥ යසස්වින් ගොඩකන්ද මැතිතුමාගේ මග පෙන්වීම යටතේ, විධිමත් ලෙස ඉවත් කරමින් ප්‍රදේශයේ ජනතාවගේ නොදිරන කසළ ගැටළුවට විසදුම් සෙවීම සඳහා රුහුණු සංචාරක කාර් යාංශයේ ප්‍රධානයක් මත හික්කඩුව නගර සභාව වෙත මිළදී ගන්නා ලද බේල් යන්ත්‍රය මගින් නොදිරන කසල විශේෂයෙන්ම (ප්ලාස්ටික් සහ පොලිතීන්) බේල් කිරීමේ කටයුතු 2026.03.10 දින සුභ මොහොතින් ආරම්භ විය.
එම අවස්ථාව සඳහා හික්කඩුව නගර සභාවේ සභාපතිතුමන් , උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්,ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය සම්බන්ධ විය. මෙමගින් කලක් තිස්සේ හික්කඩුව නගරයේ තිබූ ප්ලාස්ටික් පොලිතින් කසල ගැටලුවට විසඳුම් සෙවීමට හැකි වන අතර නගර සභාවට නොදිරන කසල වෙනුවෙන් මාසිකව දැරීමට සිදුවන පිරිවැය අවම කරගත හැකිවේ.
මෙම අවස්ථාව සනිටුවහන් කරමින් මෙම ප්‍ර දේශයේ අවට පොල් පැල රෝපණයක්ද සිදු කරන ලදී.