සැපයුම්කරුවන් ලියාපදිංචිය 2026 දැන්වීම || අයදුම්පත
අප අමතන්න

  හික්කඩුව නගර සභාව, හික්කඩුව.

  +94 0912 275 114

  +091 227 511 4

 uc_hikkaduwa@yahoo.com


       අන්තර්ජාලීය හික්කඩුව නගර සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. මේ තුළිිිිිිිින් ඔබට ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. වරිපනම් ගෙවීම, ශ්‍රවනාගාරය, ක්‍රීඩා පිටිය, ආදාහනාගාරය ආදිය මුදල් ගෙවා වෙන්කර ගැනීමටද, නගර සභාවේ තොරතුරු මෙන්ම සියළු සේවාවන් පිළිබඳ විස්තර ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත. එමෙන්ම නගර සභාවේ ඇති ඔබට අවශ්‍ය බොහෝ ඉල්ලුම් පත්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය. තවද නගර සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණීලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද ඔබට මේ තුළින් පහසුකම් සලසා ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමටත් ඔබ භාවිතා කරන ඕනෑම බැංකු කාඩ්පතකින් ගෙවීම් සිදු කිරීමටත් මේ මගින් පහසුකම් සලසා ඇත. ගෙවීම් කටයුතු වලදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහා බැවින් ඔබගේ ගෙවීම් වඩා සුරක්ෂිත වේ. නගර සභාවෙන් ඔබට ලබා දෙන බොහෝ සේවාවන් ප්‍රමාණයක් ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ලබා දීමට මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු. ස්තුතියි!

අපගේ දැක්ම

ධීවර, කෘෂි කාර්මික හා කුඩා කර්මාන්ත අතින් සංවර්ධිත පරිසර හිතකාමි, ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකින, ජනතා හිතවාදි සංචාරක පුරවරයක් බිහි කිරීම.

අපගේ මෙහෙවර

සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකරගත් හික්කඩුව නගරසභා බල ප්‍රදේශ තුළ ජිවත් වන සියලු ජනතාවගේ සුඛ විහරණය හා සුභ සාධනය සඳහා සභාව සතු හා සපයා ගත හැකි සියලුම සම්පත් උපරිම අන්දමින් ඒකරාශිකර කාර්යක්ෂම හා අරපිරිමැසුම් දායක ලෙස මනා අන්දමින් පවත්වා ගැනීම අපගේ මෙහෙවරයි.





අන්තර්ජාලය හරහා වරිපනම් ගෙවීමේදී පහත වීඩියෝව අනුගමනය කරන්න

පුවත් සහ කාලීන සිදුවීම්