දැක්ම සහ මෙහෙවර

දැක්ම

ධීවර , කෘෂීකාර්මික හා කුඩා කර්මාන්ත අතින් සංවර්ධිත , පරිසර හිතකාමී, ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකින , ජනතාවාදී සංචාරක පුරවරයක් බිහිකිරීම.

මෙහෙවර

සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් හික්කඩුව නගර සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන සියළු ජනතාවගේ සුඛ විහරණය හා සුභසාධනය සඳහා සභාව සතු හා සපයා ගත හැකි සියලුම සම්පත් උපරිම අන්දමින් ඒකරාශීකර කාර්යක්ෂමව හා අරපිරිමැසුම්දායක ලෙස හසුරුවමින් ආකර්ෂණීය ලෙස මනා අන්දමින් පවත්වා ගැනීම..

නගර සභාවේ අරමුණු

මහජනයාගේ සුභ සිද්ධිය, සැප විකරණය සහ වෙනත් පහසුකම් සඳහා අවශ්‍ය වන මහජන සෞඛ්‍ය කටයුතු සහ පරිසරය පිළිබඳව සනීපාරක්ෂක කටයුතු ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම
මංමාවත් තැනීම, නඩත්තු කිරීම, පිරිසිදු කිරීම සහ ආරක්ෂා කිරීම
සුභ සාධක සමාජයීය සහ වෙනත් මහජන උපයෝගීතා සේවාවන් පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම
මහජන හිංසා කටයුතු මර්දනය කිරීම
මහජන ආධාර, ජල ගැලීම්, ගිනි හා භූමිකම්පා වලින් විපතට පත් අයට ආධාර කිරීම.
දේපල තක්සේරු කිරීම හා ආදායම් එකතු කිරීම.
තොරතුරු ඉල්ලා සිටින පාර්ශ්වයන් සඳහා අදාල තොරතුරු සැපයීම.
වෙළෙඳ ප්‍රදර්ශන සංදර්ශන ආදියන්ගෙන් විනෝද බදු අය කිරීම.
බල ප්‍රදේශය තුල ආහාර සපයන්නන් ඔවුන්ගේ ආහාර නිසි ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන්නේද යන්න සහතික වීම.
කඩ කාමර බදු දීම හා නිසි පරිදි බදු කුලී අය කිරීම.
පොදු උද්‍යාන, ක්‍රීඩා භූමි ඉදිකිරීම් හා නඩත්තු කිරීම.
පුස්තකාල සේවා සැපයීම හා ප්‍රජා මණ්ඩල පවත්වාගෙන යාම.
පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා පෙර පාසල් පවත්වා ගෙන යාම.